ලොක්ඩවුන් නඩුවකින් මෙල්බන්වාසීන් 3000 කට $ මිලියන 05 ක වන්දි

කොවිඩ් වසංගතය හමුවේ ලොක්ඩවුන් පැණවීමත් සමග දැඩි දුෂ්කරතාවයකට ලක්වූ මෙල්බන් නිවාස සංකීර්ණ 09 ක පදිංචිකරුවන්ට ඩොලර් මිලියන 05 ක වන්දි මුදලක් ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය එකග වී තිබෙනවා.

මෙල්බන් උතුර සහ ෆ්ලෙමින්ග්ටන් ප්‍රදේශවල ගොඩනැගිලි 09 ක පදිංචිකරුවන් 3000 කට පමණ මෙම වන්දිය හිමිවීමට නියමිතයි.

2020 වසරේ ජූලි මාසයේ සිට පණවන ලද ලොක්ඩවුන් කිරීම් හමුවේ තමන්ට ජීවනෝපායන් අහිමිවී දැඩි දුෂ්කරතාවයකට පත්වූ බවයි ඔවුන් විසින් පණවන ලද නඩුවක දැක්වුණේ.

අදාළ ලොක්ඩවුන් කිරීම් නියෝග කඩකර තමන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවටද මෙම වික්ටෝරියා ප්‍රාන්තවාසීන් චෝදනා කර තිබුණා.

එය සමථයකට පත්කර ගැනීම සඳහා මෙම වන්දි මුදල ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අද එකග වී තිබෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »