Search

මාරාන්තික මත්ද්‍රව්‍යක් අඩංගු ව්‍යාජ පෙති වර්ගයක් ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක්

මාරාන්තික මත්ද්‍රව්‍ය විශේෂයක් අඩංගු ව්‍යාජ ඖෂධ පෙති වර්ගයක් (Protonitazene) මහජනතාව අතර භාවිතයට ගැනෙමින් ඇති බවට ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

අදාළ මත්ද්‍රව්‍ය විශේෂයේ අධි මාත්‍රාවක් ලබාගැනීම මරණය පවා අත්කර දිය හැකි බවයි පැවසෙන්නේ.

අමෙරිකාව තුළ ඉතා ජනප්‍රිය, එහෙත් තවමත් ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලව අලෙවි නොකෙරෙන වේදනා නාශක ඖෂධයක් (Xanax) හා සමානව මෙම ව්‍යාජ ඖෂධය නිපදවා ඇති බව සඳහන්.

මෙහි අතුරු ආබාධ ලෙස ශ්වසන අපහසුතා – කෝමා තත්වය – චර්ම රෝග ඇතුලු තත්වයන් ඇතිවිය හැකි බවටයි තහවුරු වී ඇත්තේ.

දැනට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් පමණක් මෙම ව්‍යාජ ඖෂධය හමුවී ඇති නමුත් අනෙකුත් ප්‍රාන්තවලින්ද එය හමුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »