අද අයවැය වසර 15 ක වාර්තාවක් බිඳහෙළන ළකුණු

අද ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැය ලේඛනය වසර 15 කට පසු අතිරික්තයක් සහිත අයවැය ලේඛණයක් බවට පත්වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව 2023/24 මූල්‍ය වර්ෂය සඳහා වන වියදමට වඩා ආදායම ඩොලර් බිලියන 04 කින් පමණ ඉහළ අගයක පවතිනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඉදිරි වසර 04 තුළදී මෙම තතත්වය නැවතත් අයවැය හිගයක් බවට පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.

අද ඉදිරිපත් කෙරෙන අයවැයේ අඩංගු ප්‍රධානම සාධකය වන්නේ ඩොලර් බිලියන 15 කට ආසන්න වටිනාකමින් යුත් ජීවන වියදම් සහන පැකේජයයි.

childcare ගාස්තු අඩු කිරීම – single parent දීමනාව පුලුල් කිරීම – ඖෂධ ගාස්තු පහත දැමීම සහ jobseeker දීමනාව වැඩි කිරීමද ඊට අයත්.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »