
වික්ටෝරියා ප්‍රාන්තයේ වසර 35 ක් පමණ පැරණි ඉදි කිරීම් සමාගමක් වන Interface Constructions සමාගම බිඳ වැටී තිබෙනවා.
ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථාන – පාසල් සහ ඉන්ධන පිරවුම්හල් රැසක ඉදි කිරීම් සිදුකර ඇත්තේද ඔවුන් විසිනුයි.
මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු බිඳවැටුණු නවතම සමාගම බවට Interface Constructions පත්වනවා.

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් දැවැන්තයෙකු වන මෙල්බන් හි ස්ථාපිත පෝටර් ඩේවිස් සමාගම බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් එවැනිම සමාගම් 05 කට වැඩි සංඛ්‍යාවක්ද ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබුවා.
Interface Constructions සමාගමේ වත්මන් හිමිකරුවන් සහ ණයලාභීන් අතර සාකච්ඡාවක් ලබන සිකුරාදා දිනයට සැලසුම් කර තිබෙනවා.
