ප්‍රාන්ත කිහිපයක Telstra සන්නිවේදන සේවා බිඳ වැටේ

ප්‍රාන්ත කිහිපයක බිඳවැටී තිබූ ටෙල්ස්ට්‍රා සන්නිවේදන සේවා යථා තත්වයට පත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රදේශ ගණනාවක ග්‍රාහකයන්ට දුරකථන ඇමතුම් ගැනීමට හෝ ලබා ගැනීමට නොහැකිව පැවති බව සඳහන්.

අද පෙරවරුව වනවිට බොහෝ ප්‍රදේශවල එම දෝෂය යථා තත්වයට පත් කෙරුණු බවයි ටෙල්ස්ට්‍රා සමාගම නිවේදනය කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිය පරිශීලකයන්ගෙන් සමාව අයැද සිටින බවත් ඔවුන් සඳහන් කරනවා.

මෙම කාලය තුළදී හදිසි සේවා ඇමතුම් ලබාගැනීමට බාධාවක් එල්ල වී තිබුණේ නැහැ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »