
ස්වභාවික සහ නැවුම් ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන පෙළක් රස විඳීමට ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ ලැමාර්ක් ඕස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටඩ් විසින් ගෙන්වා බෙදා හරින හේලීස් ගොවි අරුණ සහ අයිලන්ඩ් මැජික් සන්නාම යටතේ වන නිෂ්පාදන පෙළයි.
අයිලන්ඩ් මැජික් වෙළඳ නාමය යටතේ නැවුම් පළතුරු යුෂ වර්ග ගණනාවක් මේ යටතේ ඔබට මිළදී ගත හැකියි.

දිවුල්, අඹ, අනෝදා සහ මිශ්‍ර පළතුරු මේ යටතේ ලබාගත හැකි අතර මිලි ලීටර් 350 සහ 200 යන ප්‍රමාණයන්ගෙන් යුත් බෝතල් ලෙස අලෙවි කෙරෙනවා.
හේලීස් ගොවි අරුණ සන්නාමය යටතේ පොල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්ද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට දැන් මිළදී ගත හැකි වනවා.

ගොවි අරුණ නැවුම් පොල්තෙල් පහසුවෙන්ම භාවිත කල හැකි ආකාරයෙන් මිලි ලීටර් 230 – 500 සහ 700 යන ප්‍රමාණයන්ගෙන් ඕස්ට්‍රේලියා වෙළඳපොළට දැන් නිකුත් වී තිබෙනවා.
ස්වාභාවික පොල් රා විනාකිරි මෙන්ම desiccated coconut ද ලැමාර්ක් ඕස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටඩ් විසින් ගෙන්වා බෙදා හරිනු ලබනවා.
ස්වභාවිකවම සකස් කරගත් desiccated coconut වන මේවායෙහි ස්වාභාවික කිරි රසය පවතින අතර වරක් මිළදී ගත් විට නැවත නැවතත් ගැනීමට පෙළඹෙනු නොඅනුමානයි.
මෙහි desiccated Coconut Fine සහ desiccated Coconut Medium ලෙස වර්ග දෙකක් පවතින අතර ග්‍රෑම් 250 සහ 500 යන ප්‍රමාණන්ගෙන් එම වර්ග දෙකම මිළදී ගත හැකියි.
හේලීස් ගොවි අරුණ වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර ඇති අනන්‍යම නිෂ්පාදනය වන්නේ ඉඳි ආප්ප පිටි නිෂ්පාදන පෙළයි.
මුරුංගා කොළ මිශ්‍ර සුදු කැකුළු සහල් ඉඳි ආප්ප පිටි – නිල් කටරොළු මිශ්‍ර සුදු කැකුළු සහල් ඉඳි ආප්ප පිටි මෙන්ම සුදු කැකුළු සහල් ඉඳි ආප්ප පිටි
ඉඳි ආප්ප පිටි සෑම නිෂ්පාදනයක්ම ග්‍රෑම් 500 ප්‍රමාණයන්ගෙනුයි අලෙවි කරනු ලබන්නේ.
කුළු බඩු වර්ග නිෂ්පාදන පෙළක්ද හේලීස් ගොවි අරුණ වෙළඳ නාමය යටතේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට රස විඳීමට ලැමාර්ක් ඕස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටඩ් විසින් අවස්ථාව සළසා තිබෙනවා. .
තුනපහ කුඩු – බැදපු තුනපහ කුඩු – කහ කුඩු – මිරිස් කුඩු – කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු යන නිෂ්පාදන සියල්ල ග්‍රෑම් 250 ප්‍රමාණයන්ගෙන් ඔබට ලබාගත හැකියි.
මෙම සෑම නිෂ්පාදනයක්ම 100% ක් ශ්‍රී ලංකාවේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වලින් නෙලා ගත් අස්වැන්නෙන් සකස් කරන ලද ඒවා වීම විශේෂත්වයක්.
ඒවා මිළදී ගැනීමේදී කිසියම් පාරිභෝගිකයෙකු තමන්ගේ පරිභෝජනයට ඉහළ ගුණාත්මක භාණ්ඩයක් මිලදී ගන්නවා මෙන්ම ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය යම්තාක් දුරකට හෝ නගා සිටුවන්න වක්‍රාකාරව දායකවීමද සිදුවනවා.