බැංකු ශාඛා වසා දැමීමේ තීරණයේ වෙනසක්

Regional ප්‍රදේශවල වසා දැමීමට තීරණය කල බැංකු ශාඛා 08 ක් තාවකාලිකව වසා නොදැමීමට වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ ප්‍රකාශ ලබාදීමට නියමිතව තිබියදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

කොමන්වෙල්ත් බැංකුවද පසුගියදා නිවේදනය කලේ වසා දැමීමට තීරණය කල බැංකු ශාඛා කිහිපයක් තාවකාලිකව වසා නොදැමීමට පියවර ගන්නා බවයි.

ඔස්ට්‍රේලියාව පුරා regional කලාපවල බැංකු ශාඛා වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආර්ථිකමය අලාභ සහ මෙහෙයුම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා හමුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා බැංකු ශාඛා 80 කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

ඊට සැබෑ හේතු කවරේදැයි සහ මෙම තත්වයෙන් ගණුදෙනුකරුව්නට වන බලපෑම පිලිබඳවයි සෙනෙට් සභාව විසින් සිදුකරන මෙම විමර්ශනයේදී විමසා බැලීමට නියමිතව ඇත්තේ.

මෙහි අවසාන වාර්තාව ලබන දෙසැම්බර් පළමුවනදා වනවිට නිකුත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 ම මේ වනවිට regional කලාපවල තෝරාගත් බැංකු ශාඛා වසා දමා ඇති අතර ඇතැම් ප්‍රදේශවල එකදු බැංකු ශාඛාවක් හෝ නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »