බටහිර ඔස්ට්‍රේලියා regional ප්‍රදේශවල සේවයට කැමතිනම් $ 12,000 ක්

How_to_become_a_registered_nurse_612px

බටහිර ඔස්ට්‍රේලියාවේ regional ප්‍රදේශවල සේවය කිරීමට කැමතිවන හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ට විශ්ව විද්‍යාල පාඨමාලා ගාස්තුවෙන් ඩොලර් 12,000 ක මුදලක් ගෙවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙම සතියට යෙදී ඇති ප්‍රාන්ත රජයෙ අයවැයෙන් උපාධිධාරීන් 350 දෙනෙකු සඳහා එලෙස වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 4.2 ක්.

වසරකට ඩොලර් 4,000 බැගින් වසර 03 ක් පුරා මෙම මුදල ගෙවීමටයි ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත්තේ.

දැනට මේ හා සමාන ක්‍රමවේදයක් වික්ටෝරියා ප්‍රාන්තයේද ක්‍රියාත්මක වනවා.

මේ හරහා බටහිර ඔස්ට්‍රේලියාවේ regional ප්‍රදේශවල පවතින සෞඛ්‍ය සේවක හිගය මගහරවාලීමට හැකිවනු ඇති බවයි ප්‍රාන්ත රජය විශ්වාසය පළකරන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »