අද අයවැයෙන් Superannauation – වයින් – දුම්කොළ බදු ඉහළට

අදට යෙදී ඇති අයවැයේදී සුපර් ඇනයුෂන් (Superannauation) ශේෂය ඩොලර් මිලියන 03 ට වැඩි අයගෙන් අය කෙරෙන බදු මුදල සියයට 30 දක්වා ඉහළ නැංවීම ඇතුලු බදු කිහිපයක් පැණවීමටද නියමිතයි.

කෙසේවෙතත් ඇතැම් බදු බලාත්මක වීම තවත් වසර කිහිපයකට පසුව සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඒ අනුව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් අය කෙරෙන බදු ප්‍රතිශත අගයන් ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සුපර් ඇනයුෂන් අරමුදලේ ශේෂය ඩොලර් මිලියන 03 ට වැඩි පුද්ගලයන්ගෙන් අය කෙරෙන බදු ප්‍රතිශතය සියයට 15 සිට 30 දක්වා වැඩි කරන බව ෆෙඩරල් රජය දැනටමත් ප්‍රකාශයට පත් කර අවසන්.

2025 වසරේ සිට බලාත්මක වන එය ඔස්ට්‍රේලියානුවන් 80,000 කට පමණ බලපානු ඇති බව සඳහන්.

වයින් නිෂ්පාදන සහ සීනි සහිත පාන සඳහා වන බදු ඉහළ නැංවිය යුතු බවටයි යෝජනා කර ඇත්තේ.

වයින් ලීටරයක් සඳහා ඩොලර් 56 ක බද්දක් පැණවීමෙන් 2024-25 වසර සඳහා අමතර ඩොලර් බිලියන 2.3 ක මුදලක් උපයා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.

ඉදිරි වසර 03 සඳහා වසරකට සියයට 05 බැගින් දුම්කොළ බදු ඉහළ දැමීමටද ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඒ හරහා උපයා ගැනීමට අපේක්ෂිත බදු ආදායම ඩොලර් බිලියන 3.3 ක්.

සිල්ලර වෙළඳසැල් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය ක්‍රම ක්‍රමයෙන් අවම කිරීමට නව නීති බලාත්මක කිරීමට අයවැයෙන් වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 234 ක්.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »