ෆෙඩරල් අයවැය අද පාර්ලිමේන්තුවට – දැනට ප්‍රකාශිත සහන මෙන්න

2023/24 වසර සඳහා වන ෆෙඩරල් අයවැය ලේඛනය භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් අද රාත්‍රී 07.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී සහන පැකේජයක් ජනතාවට ලබාදීම ලේබර් පක්ෂ රජයේ අපේක්ෂාව බවයි පසුගිය දින කිහිපය පුරා රජය නිවේදනය කලේ.

Single parent සහ Jobseeker දීමනා ඉහළ නැංවීම / ඖෂධ මිළ අඩු කිරීම සහ අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන සහන ඒ අතර වනවා.

වයස අවුරුදු 55 ට වැඩි Jobseeker දීමනා අපේක්ෂිතයන් 227,000 කට ආසන්න පිරිසකට සතියකට ඩොලර් 100 කට ආසන්න අගයකින් Jobseeker දීමනාව වැඩි කෙරෙනු ඇති බව සඳහන්.

ලබන ජනවාරි පළමුවනදා සිට Aged care සේවකයන්ට ඩොලර් 7,000 ක වැටුප් වැඩිවීමක්ද හෙදියන්ට ඩොලර් 10,000 ක වැටුප් වැඩිවීමක්ද අද අයවැයට අන්තර්ගතයි.

එක් ඖෂධ තුණ්ඩුවක මිළට දැනට ලබාගත හැකි මාසයක ඖෂධ ප්‍රමාණය වෙනුවට මාස 02 ක ඖෂධ මිළදී ගැනීමට හැකියාව උදාවන සංශෝධනයක්ද අද අයවැයට ඇතුළත් වනවා.

බලශක්ති ගාස්තු සඳහා සහන ලබාදෙන යෝජනා කිහිපයක් ද මෙවර අයවැයට ඇතුළත්.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 05 කට සහ ව්‍යාපාරික ස්ථාන මිලියනයකට පමණ ඩොලර් 500 ක විදුලි බිල් ගාස්තු සහනයක් හිමිවීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය – ඉන්ධන සහ නිවාස කුළී ගාස්තු අවම කිරීමට අදාළ යෝජනා කිහිපයක්ද අද ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

Home Guarantee Scheme (HGS) හෙවත් නිවාස සුරක්ෂා වැඩසටහනට සුදුසුකම් ලබන පිරිස තවත් පුලුල් කිරීමට අදාළ යෝජනාවක්ද අද අයවැයට ඇතුළත්.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »