මාස 06 කදී වෙස්ට්පැක් බැංකුවට $ බිලියන 04 ක දළ ලාභයක්

ගතවූ මූල්‍ය වර්ෂයේ අවසාන මාස 06 සඳහා වෙස්ට්පැක් බැංකුව විසින් ඩොලර් බිලියන 04 ක දළ ලාභයක් වාර්තා කර තිබෙනවා.

එය පසුගිය වසරේ මෙම කාල සීමාවේ ලැබූ ලාභයට වඩා සියයට 22 ක ඉහළයාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙම දැවැන්ත ලාභයට ප්‍රධානම හේතුව පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය සහ උකස් ණය වෙනුවෙන් හිමිවන පොළී මුදල් සහ වාරිකවල අගය ඉහළයාම බවයි පැවසෙන්නේ.

මීට සමගාමීව ඉතුරුම් ගිණුම් සඳහාද පොළී අනුපාතික වැඩි කල බවයි වෙස්ට්පැක් බැංකුව පවසා සිටින්නේ.

https://www.9news.com.au/national/westpac-records-4-billion-net-profit-in-half-year-results/d0491969-33b9-41fc-bfeb-a5bd96c28083

 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »