රජුගේ රාජාභිෂේකයට ඔපෙරා ශාලාව ආලෝකමත් නොකළැයි චෝදනා

03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් සිඩ්නි ඔපෙරා රංග ශාලාව ආලෝකමත් නොකිරීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් වෙත චෝදනාවක් එල්ල වී තිබෙනවා.

මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති මත විමසුමකදී බහුතරයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් එම ස්ථාවරයෙහි පසුවන බවටයි අනාවරණ වී ඇත්තේ.

කැන්බරා හි පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුලු ස්ථාන ගණනාවක් වර්ණවත් කර තිබූණද ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම ගොඩනැගිල්ලක් වන සිඩ්නි ඔපෙරා ශාලාව එලෙස ආලෝකමත් නොකිරීම පිළිගත නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් පවසන්නේ වැයවන අති විශාල මුදල සළකා බලා එම තීරණය ගත් බවයි.

එක් අවස්ථාවකදී සිඩ්නි ඔපෙරා ශාලාව ආලෝකමත් කිරීමට ඩොලර් 80,000 ත් 100,000 ත් අතර විශාල මුදලක් වැයවන බවයි ඔහු අවධාරණය කරන්නේ.

පසුගිය වසරේ අවස්ථා 70 කදී පමණ එලෙස අනවශ්‍ය අවස්ථාවලදී පවා ඔපෙරා ශාලාව ආලෝකමත් කර ඇති බවටද ඔහු චෝදනා කලා.

එහෙත් එළිසබෙත් රැජිණගේ අභාවය සහ යුක්රේනයට සහය දැක්වීම වැනි අවස්ථාවලදී සිඩ්නි ඔපෙරා ශාලාව ආලෝකමත් කිරීම පිළිගත හැකි බවයි නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »