අපරාධ අවම වයස ඉහළ දමන පළමු ප්‍රාන්තය බවට ACT පත්වන ළකුණු

අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ නංවන පළමු ප්‍රාන්තය බවට ACT පත්වන ළකුණු පළවී තිබෙනවා.

දැනට එම වයස අවුරුදු 10 ක් ලෙස පවතින අතර එය අධියර 02 ක් යටතේ වැඩි කෙරෙන යෝජනාව හෙට ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

එය සම්මත වුවහොත් අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස අවුරුදු 12 දක්වා වහාම ඉහළ නැංවීමට නියමිතයි.

අනතුරුව 2025 වසරේ ජූලි පළමුවනදා සිට එම වයස් සීමාව අවුරුදු 14 දක්වා වැඩි කිරීමට නියමිතයි.

Northern Teritory රජය විසින් දැනටමත් මෙවැනි නීතියක් සම්මත කරගෙන ඇතත් එය තවමත් ක්‍රියාත්මක වී නැහැ.

එමෙන්ම වික්ටෝරියා රජයද පසුගියදා නිවේදනය කලේ අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස ලබන වසරේ සිට අවුරුදු 12 දක්වා ඉහළ නංවන බවයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »