වික්ටෝරියා රියදුරන්ටත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

වික්ටෝරියා ප්‍රාන්තවාසී රියදුරන්ට ඩිජිටල් රියදුරු බලපත්‍රය ලබාදීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි මූලික අත්හදා බැලීමේ වැඩසටහනක් ලබන ජූලි මාසයේ සිට මාස 06 ක් පුරා බලරට් හිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අනුව Service Victoria හෝ VicRoads ඇප්ලිකේෂන සමග ඒකාබද්ධව ඩිජිටල් රියදුරු බලපත්‍රය හඳුන්වාදීමටයි සැලසුම් කර ඇත්තේ.

පදිංචි ලිපිනය වෙනස් කිරීම හෝ බලපත්‍රය අත්හිටුවීම වැනි සියලු දෑ එසැණින් ඇප්ලිකේෂනවල යාවත්කාලීන වන ලෙස සකස් කෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර හඳුන්වාදීම 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුකෙරුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පසුගිය මාසයේ සිට එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »