Single parent දීමනාව දරුවාට අවුරුදු 14 ක් වනතුරු දීර්ඝ කෙරේ

වයසින් අඩුම දරුවාට අවුරුදු 14 ක් වනතුරු single parent දීමනාව දීර්ඝ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මෙම වයස් සීමාව අවුරුදු 16 ක් ලෙස පැවති නමුත් වසර 10 කට පමණ ඉහතදී එය අවුරුදු 08 දක්වා පහත දමනු ලැබුවා.

single parent දීමනාව පිළිබඳ සමාලෝචනයට පත්කල කාර්ය සාධක බලකාය විසින් පසුගිය වසරේදී නිර්දේශ කර තිබුණේද මෙම වයස නැවතත් 16 දක්වා ඉහළ දමන ලෙසයි.

කෙසේවෙතත් අවුරුදු 14 වනවිට දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබෙන සහය අඩු කර ස්වාධීන තීන්දු තීරණ ගැනීමට හැකි බැවින් සුදුසුම වයස එය බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පෙන්වා දෙන්නේ.

සහකරු හෝ සහකාරිය නොමැති, දරුවන් සිටින දෙමව්පියන්ට single parent දීමනාව හිමිවන අතර සති 02 කට ඩොලර් 922.10 ක මුදලක් ඒ යටතේ ලබාගත හැකියි.

සැප්තැම්බර් 20 වනදා සිට බලාත්මක මෙම නව වෙනස්කම යටතේ ඉදිරි වසර 02 සඳහා ෆෙඩරල් රජයට දැරීමට සිදුවන අතර පිරිවැය ඩොලර් බිලියන 1.9 ක්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »