හදවත් රෝගීන් හඳුනාගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් පරීක්ෂණයක්

හදවත් රෝග සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් විසින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

සැම විනාඩි 09 කටම වරක් ඔස්ට්‍රේලියානුවෙකු හදවත් රෝගියෙකු බවට පත් වන අතර සෑම දිනයකම මෙරට පුද්ගලයන් 19 දෙනෙකුම හදවත් රෝග හමුවේ මියයන බවටයි තහවුරු වී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ හදවත් රෝගීන් අතුරින් 1/4 කට පමණ කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩන තත්වයන් බලපා ඇති බවද සඳහන්.

මෙම නව පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ වාර්තා නොවන නිහඩ රෝගීන් කල් තියා හඳුනා ගැනීමයි.

රෝගීන් 1000 ක් මෙම පර්යේෂණය සඳහා සහභාගී වී සිටිනවා.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »