ඔස්ට්‍රේලියාවේ පුද්ගලික ව්‍යාපාරවලින් 1/3 ක් බදු ගෙවීම පැහැරහරී

2020-21 මූල්‍ය වර්ෂය තුළදි ඔස්ට්‍රේලියාවේ පුද්ගලික ව්‍යාපාර අතුරින් 1/3 ක් පමණ නියමිත බදු ගෙවා නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියා බදු කාර්යාලය (ATO) නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ සළකා බලන ලද ආයතන 2468 ක් අතුරින් 782 ක්ම බදු ගෙවීම පැහැර ඇර ඇති බවයි.

මින් ඇතැම් ආයතන සඳහා බදු නොගෙවා සිටීමට සාධාරණ හේතු ඇතත් බහුතරයකට එය අදාළ නොවන බවයි බදු කාර්යාලය අවධාරණය කරන්නේ.

මින් ආයතන 113 ක් විසින් ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 03 කට ආසන්න වී තිබෙනවා.

කෙසේවෙතත් 2019 වසරට සාපේක්ෂව 2020-21 මූල්‍ය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය සියයට 20 ක් හෙවත් ඩොලර් බිලියන 11.4 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

සළකා බලන ලද ආයතන 2468 න් 1376 ක් ඩොලර් මිලියන 100 ට වඩා ආදායම ලබා ඇති ඒවා බවද සඳහන්.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »