හෙට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් සංචාරක කර්මාන්තයට අදාළ ගාස්තු හෝ බදුවල වැඩි කිරීමක් සිදු නොකරන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.
ගුවන් ගාස්තු සහ සංචාරක බදු කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.
ඔස්ට්‍රේලියාවෙන් පිටවන සෑම අයෙකුගෙන්ම ඩොලර් 60 ක ගාස්තුවක් අය කෙරෙන අතර passenger movement charge හෙවත් (PMC) ලෙසින් හැඳින්වෙන මෙය සෙසු රටවලට සාපේක්ෂව ඉහළ අගයක් බව සඳහන්.
එය 1978 දී හඳුන්වාදෙනු ලැබුවේ ඩොලර් 10 ක අගයක් යටතේයි.
මෙම ගාස්තුව ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවට ඇතුළත් වන නමුත් අවසානයේ එය බැරවන්නේ ෆෙඩරල් රජයටයි.
අවම වශයෙන් ඉදිරි වසර 05 සඳහා හෝ මෙම ගාස්තුව දැනට පවතින ස්ථාවර අගයෙහිම පවත්වාගෙන යන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
එමෙන්ම මෙරට ගුවන් ගාස්තුද තවමත් ඉහළ අගයක පසුවීම ඔස්ට්‍රේලියා සංචාරක කර්මාන්තය නංවාලීමට ඇති ප්‍රධාන බාධාවක් බව ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ෆෙඩරල් රජයට පෙන්වා දී තිබෙනවා.