ඔස්ට්‍රේලියාව තුළ නිවාස මිළ වැඩියෙන්ම පහළ ගිය වසර බවට 2022 පත්වෙයි

ඔස්ට්‍රේලියාව තුළ නිවාස මිළ ගණන් වැඩියෙන්ම පහළ ගිය මාස 12 බවට ගතවූ වසර පත්වී තිබෙනවා.

එහිදී සියයට 7.9 කින් පමණ නිවාස මිළ අඩුවී ඇති බව සඳහන්.

එමෙන්ම උප නාගරික කලාප 226 ක ඩොලර් මිලියනය ඉක්මවා මිළ ගණන් පැවති නිවාස විශාල ප්‍රමාණයක මිළ ඩොලර් මිලියනයට වඩා අඩුවීමද විශේෂත්වයක්.

නිවාස මිළ ගණන් වැඩියෙන්ම පහළගොස් ඇත්තේ සිඩ්නි නගරයේ වන අතර එය සියයට 13.4 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

මෙල්බන් හි සියයට 9.6 කින් / හෝබාර්ට් හි සියයට 11.6 කින් / බ්‍රිස්බන් හි සියයට 6.8 කින් සහ කැන්බරා හි සියයට 6.7 කින් මිළ ගණන් අඩුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඇඩිලේඩ් හි සියයට 5.1 කින් – පර්ත් හි සියයට 2.4 කින් සහ ඩාර්වින් හි සියයට 2.9 කින් ලෙස නිවාස මිළ ගණන් ඉහළයාමකුයි සටහන් වන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »