
හිමපතනය හමුවේ රිය ධාවනයේදී සැළකිලිමත් වන්නැයි ප්‍රාන්ත කිහිපයක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත රැසක උෂ්ණත්වය පහළයාම හමුවේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක් සටහන් වී ඇති බව සඳහන්.
කැන්බරා – හෝබාට් – ඇඩිලේඩ් – මෙල්බන් සහ සිඩ්නි නගරවල අද උපරිම උෂ්ණත්වයන් සටහන්වූයේ පිළිවෙලින් සෙල්සියස් අංශක 09 – 12 – 16 – 13 සහ 17 වශයෙනුයි.

දක්ෂීණ ධ්‍රැවයේ සිට හමා එන සිසිල් සුළං ධාරා මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
ඉදිරි දිනවලදීත් මෙම තත්වය අපේක්ෂා කල හැකි බවයි කාළතුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටින්නේ.
