වික්ටෝරියා පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙර පාසල් ළමුන් 140,000 කට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 270 ක්.

එමගින් එක් දරුවෙකු සඳහා වසරකට ඩොලර් 2,500 ක උපරිමයක් දක්වා එක් පවුලකට ඉතිරි කර දෙන බව වික්ටෝරිය ප්‍රාන්ත රජය පෙන්වා දෙනවා.

මෙමගින් 04 හැවිරිදි දරුවන්ට සතියකට පැය 15 ක් සහ තුන් හැවිරිදි දරුවන්ට සතියකට පැය 5 සිට 15 දක්වා පෙර පාසල් අධ්‍යාපනය ලබා ගත හැකියි.

වසර 2032 වනවිට පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෙන් කර ඇති ඩොලර් බිලියන 09 ක ආයෝජන වැඩපිළිවෙල සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් අමතර ගුරුවරුන් 5,000 ක් අවශ්‍ය වන බවටයි ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »