ඔස්ට්‍රේලියානුවන්ගෙන් 1/8 ක් උකස් ණය ගෙවීම පැහැර හරී

නිවාස උකස් ණය ගෙවන ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/8 ක් පමණ පසුගිය මාස 06 තුළදී එක් අවස්ථාවකදී හෝ වාරික ගෙවීම පැහැර හැර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අඛණ්ඩව සිදුකරන පොළී අනුපාතික ඉහළ දැමීම් හමුවේ වාරික අගයන් ඉහළයාම මීට මූලික හේතුවයි.

අවස්ථා 11 කදී වැඩිකල පොළී අනුපාතික හමුවේ ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන තිබූ අයෙකුගේ මේ වනවිට වාරික ඉහළයාම ඩොලර් 1100 කට ආසන්න වී ඇති බව සඳහන්.

මේ අතර උකස් ණය වාරික ගෙවන්නන් අතුරින් සියයට 25 ක් පමණ පවසා ඇත්තේ ඉදිරියේදී තමන්ට එක් වාරිකයක් හෝ ගෙවාගත නොහැකි වනු ඇති බවට බියක් පවතින බවයි.

ඉදිරි මාස 06 තුළදී එය සිදුවනු ඇති බවට අදහස් දක්වා තිබූ ප්‍රමාණය 1/7 ක් බවයි පැවසෙන්නේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »