ඉදිරි වසර 05 දී ලොව පුරා රැකියා මිලියන 14 ක් අහිමිවන ළකුණු

ආර්ථික ගැටලු සහ කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය හේතුවෙන් ඉදිරි වසර 05 තුළදී ලොව පුරා රැකියා මිලියන 14 ක් අහිමිවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

2027 වසර වනවිට නව රැකියා මිලියන 69 ක් උත්පාදනය වනු ඇති නමුත් රැකියා මිලියන 83 කින් පමණ සේවකයන් ඉවත් කෙරෙනු ඇති බව සඳහන්.

ලොව පුරා සමාගම් 800 කින් පමණ ලබාගත් තොරතුරු ආශ්‍රිතවයි ලෝක ආර්ථික සංසදය මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ.

මෙලෙස අහිමිවීමට නියමිත රැකියා මිලියන 14, වත්මන් ලෝක ශ්‍රම බලකායෙන් සියයට 02 කට සමාන බවයි පැවසෙන්නේ.

කෘත්‍රීම බුද්ධිය හමුවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා බිහිවීම හා සමානව රැකියා අහිමිවීමද සිදුවිය හැකි බවටත් මෙමගින් පුරෝකථනය කර තිබෙනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »