Search

ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 05 කට $ 500 ක විදුලි ගාස්තු සහනයක්

ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 05 කට සහ ව්‍යාපාරික ස්ථාන මිලියනයකට පමණ අනිද්දා අයවැයෙන් ඩොලර් 500 ක විදුලි බිල් ගාස්තු සහනයක් හිමිවීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ගෑස් ගාස්තු සඳහාද කිසියම් සහනයක් පිරිනැමීමට උත්සාහ කරන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් සඳහන් කලේ.

විශ්‍රාමිකයන් – කුඩා පරිමාණ ව්‍යාපාර සහ රජයේ විවිධ ආධාර ලබන්නන් මෙම ගාස්තු සහන සඳහා සුදුසුකම් ලබනු ඇති.

ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් මේ සඳහා වැය කිරීමට නියමිත මුදල ඩොලර් බිලියන 03 ක්.

අගහරුවාදා අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන පැකේජයක් ප්‍රකාශයට පත් කරන බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා මීට පෙර නිවේදනය කර තිබුණේ.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »