පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ට්‍රේලියා ගුරුවරුන් ඉහළට

වැටුප් ප්‍රමාණවත් නොවීම හමුවේ රජයේ පාසල්වල රැකියා අතහැර පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ට්‍රේලියානු ගුරුවරුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

පසුගිය මාස 12 දී පළකර ඇති දැන්වීම් අනුව පුද්ගලික පාසලක ගුරුවරයෙකුගේ අවම වාර්ෂික වැටුප ඩොලර් 160,000 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

එය රජයේ පාසලක ගුරුවරයෙකු ලබන වැටුප හා සැසඳීමේදී සැළකිය යුතු වැටුප් වැඩිවීමක් බවද සඳහන්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ පාසලක ගුරුවරයෙකු ලබන වැටුප ඩොලර් 113,000 ක් පමණ වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 112,000 ක් පමණ වනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත රජයන්ගේ අයවැය අනුව රජයේ පාසල්වල ගුරුවරුන්ට පුද්ගලික පාසල්වල තරම් වැටුප් ගෙවිය නොහැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »