වාර්ෂිකව Aged care සේවකයන් 65,000 ක් වෘත්තිය අත්හරී

වාර්ෂිකව ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයට සේවකයන් 65,000 ක් පමණ අහිමිවන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

පසුගිය වසරේ මාස 06 කදී පමණක් සේවකයන් 18,000 ක් පමණ රැකියා අතහැර ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දැනට සිටින සේවක සංඛ්‍යාව සැළකීමේදී අවශ්‍ය කරන සංඛ්‍යාවට වඩා 30,000 ක පමණ හිගයක් පවතින බව සඳහන්.

මෙම වසර මුළදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයේ සිටින සෑම සේවකයන් 05 දෙනෙකුගෙන් අයෙකුම මෙම වසර තුළදී සේවය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බවයි.

වෙනත් ක්ෂේත්‍රයකට යොමුවුව හොත් වැඩි වැටුප් ලබාගත හැකි බවට වන මතය ඊට හේතුවයි.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »