ඔස්ට්‍රේලියානුවන් 400,000 ක් ඇල්කොහොල් අත්හිටුවන්න යයි

මෙම වසර තුළදී ඔස්ට්‍රේලියානුවන් 400,000 කට වැඩි පිරිසක් ඇල්කොහොල් භාවිතය අත්හිටුවනු ඇති බව හෙළිවී තිබෙනවා.

සෞඛ්‍යමය හේතු සහ ඉහළ යන ජීවන වියදම ඊට බලපා ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වි ඇත්තේ.

පුද්ගලයන් 1085 දෙනෙකු යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

මෙම ලක්ෂ 04 කට අධික පිරිසෙන් 238,000 කට ආසන්න පිරිසක්ම වයස අවුරුදු 25 ත් 40 ත් අතර පිරිස් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සමස්ත පිරිසෙන් 3/4 ක් ම පිරිමි පාර්ශවය බවටද අනාවරණ වි තිබෙනවා.

ඇල්කොහොල් භාවිතය අත්හිටුවීම හරහා සතියකට ඩොලර් 38 ක් හෙවත් වසරකට ඩොලර් 1971 ක මුදලක් ඉතිරි කරගත හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »