මොරිසන් රජයේ අවසාන වසරේදී $ බිලියන 21 ක් බාහිර සේවකයන්ට ගෙවලා

පැවති ස්කොට් මොරිසන් රජය විසින් 2021-22 මූල්‍ය වර්ෂය සඳහා රජයේ සේවා වෙනුවෙන් බාහිර පාර්ශව වෙත ඩොලර් බිලියන 21 ක මුදලක් ගෙවා ඇති බව අනාවරණය වනවා.

ඔස්ට්‍රේලියානු පොදු සේවා බලකාය විසින් සිදුකර ඇති විගණනයකදී අනාවරණය වී ඇත්තේ බාහිර සේවකයන් – කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකයන් වෙනුවෙන් මෙම මුදල් ගෙවා ඇති බවයි.

බාහිර සේවකයන් 54,000 ක් පමණ මෙම කාලය තුළදී ෆෙඩරල් රජය විසින් තාවකාලික පදනම යටතේ සේවයට අනුයුක්ත කරගෙන ඇති බවද සඳහන්.

මේ අනුව අදාළ කාලසීමාව තුළදී රාජ්‍ය සේවා සඳහා ගෙවන ලද මුදලින් සියයට 25 ක් පමණ ගෙවා ඇත්තේ බාහිර පාර්ශව සඳහා බවයි පැවසෙන්නේ.

මේ අතර ලිබරල් සන්ධානය පවසන්නේ කොවිඩ් සමයේදී මහජනතාවට කඩිනම් සේවා සැපයිම අරමුණු කරගනිමින් මෙලෙස බාහිර කොන්ත්‍රාත්කරුවන්ගේ සහය ගැනීමට සිදුවූ බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »