කාසියක් නිසා ආසියානු රටක් ඔස්ට්‍රේලියාව සමග අවුලක

දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම සම්බන්ධයෙන් වියට්නාමය දැඩි විරෝධය පළකර තිබෙනවා.

මෙම කාසිය ද්විපාර්ශ්වික සබඳතාවලට හානියක් බවයි වියට්නාමය අවධාරණය කරන්නේ.

එබැවින් අදාළ කාසිය මහජනතාව අතර භාවිතය වහාම නතර කරන ලෙස ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ඩොලර් 02 ක වටිනාකමින් යුතුව මෙම කාසි 85,000 ක් නිකුත් කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

වියට්නාම රජය විසින් තහනම් කර ඇති ලක්ෂණ කිහිපයක් පඊට ඇතුළත් බැවින් මෙම කාසිය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවයි වියට්නාමය පෙන්වා දෙන්නේ.

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් හෙළිකොප්ටරයක් ද නිරූපණය වනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »