
ඩොලර් මිලියන 45.2 ක මුදලක් වැය කර සිඩ්නි වරාය පාලම නවීකරණය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ලබන අගහරුවාදා රාත්‍රිf් ඉදිරිපත් කිරීමට නියමිත 2023-24 අයවැය ලේඛණයෙන් ඊට අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති බව සඳහන්.
සිඩ්නි වරාය පාලම සහ ඊට සම්බන්ධ වෙනත් ඉදි කිරීම්වල ස්ථාන 09 ක් වහා අලුත්වැඩියා කල යුතු මට්ටමේ පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම මුදලින් වැඩිම කොටසක් හෙවත් ඩොලර් මිලියන 26.5 ක මුදලක් වෙන් කිරීමට නියමිතව ඇත්තේ වරාය පාලම ආශ්‍රිත ජැටි අලුතවැඩියා කිරීම සඳහායි.
මෙම නවීකරණ කටයුතු වසර 10 කට පෙර සිදුකල යුතුව තිබූ නමුත් පැවති ලිබරල් සන්ධාන රජය විසින් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු කර නොතිබූ බවටයි වත්මන් රජය චෝදනා කර සිටින්නේ.
