සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමකට තවත් වසරකට වැඩි කාලයක්

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් හිමිවීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා.

උද්ධමනය සහ විරැකියාව සාපේක්ෂව පහළ අගයක පැවතීම හමුවේ මෙවර අයවැයෙන් එවැන්නක් අපේක්ෂා කල නොහැකි බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් සඳහන් කලේ.

කෙසේවෙතත් තෝරා ගත් අංශ කිහිපයක් සඳහා ලබන අගහරුවාදා අයවැයෙන් වැටුප් වැඩි කිරීමක් හිමිවනු ඇති.

දැනට සියයට 3.5 ක් ලෙස පවතින මෙරට විරැකියා අනුපාතය ලබන වසරේදී සියයට 4.25 දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එමෙන්ම දැනට සියයට 7 ක් ලෙස පවතින උද්ධමනයද අසීමිත අයුරින් වැඩිවුවහොත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට පියවර ගන්නා බවත් ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් කියාසිටියා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »