වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් දේශ සීමාව මේ මස අවසන් වීමට පෙර නිල වශයෙන් විවෘත වේ.
Victoria-NSW border to officially open before the end of the month.
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දේශ සීමාව මාසය අවසන් වීමට පෙර නිල වශයෙන් විවෘත කිරීමට ප්‍රාන්ත රජයන් තීරණය කර ඇති බවට නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian පවසා සිටී.
නොවැම්බර් 23 වන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් පසු දේශ සීමාව විවෘත වන බව Berejiklian විසින් මාධ්‍ය හමුවේ අද ප්‍රකාශයට පත් කොට ඇත.
වික්ටෝරියානු අගමැති සමඟ අද උදෑසන සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.
වික්ටෝරියා ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා නීති ලබන සඳුදා සිට ලිහිල් කරනු ඇත.
Berejiklian මීට පෙර පවසා තිබුණේ, සීමාවන් ලිහිල් කිරීම සහ දේශසීමා විවෘත කිරීම සඳහා තවත් සති දෙකක් බලා සිටීමට අවශ්‍ය බවය.
“අතිශයින්ම දුෂ්කර කාලයකදී ඉවසිලිවන්තව කටයුතු කිරීම ගැන විශේෂයෙන් දේශසීමා නගරවල ප්‍රජාවට ස්තූති කිරීමට මට අවශ්‍යයි. NSW හි අපගේ ප්‍රතිපත්තිය වන්නේ COVID ආරක්ෂිත ක්‍රමවේදයන් හරහා ඉදිරියට යාමයි – NSW / වික්ටෝරියානු දේශ සීමාව නැවත විවෘත කිරීම නිවැරදි තීරණයක තවත් පියවරකි.” ඇය පැවසුවාය.