ගෝලීය කොවිඩ් වසංගත තත්වය අවසන්

ගෝලීය කොවිඩ් වසංගතය හදිසි තත්වයක් ලෙස මින් ඉදිරියට නොසළකන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව වසර 03 1/2 කට ආසන්න කාලයක් පුරා ගෝලීය ආර්ථිකයට ඉමහත් බලපෑමක් සිදුකරමින් පැවති කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය ආපදා තත්වයක් ලෙස සැළකෙන්නේ නැහැ.

කොවිඩ් වෛරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2020 වසරේ ජනවාරි 30 වනදායි.

මේ දක්වා කාලය තුළ එමගින් මරණයට පත් සංඛ්‍යාව ලක්ෂ 70 කට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

ගතවු කාලය තුළ ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව මිලියන 11 කට අධිකයි.

හදිසි අවස්ථා තත්වය නිමාවට පත් කෙරුණද කොවිඩ් වෛරසය තවදුටත් ප්‍රජාව අතර පවතිනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »