
චර්ම පිළිකා හමුවේ වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ඉන් බහුතරය දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල වාසය කරන වයස්ගත පුරුෂයන් බව සඳහන්.
වසරකදී චර්ම පිළිකා හමුවේ ප්‍රතිකාර ලබාගන්නා ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ලක්ෂ 10 කට අධිකයි.

එමෙන්ම සෑම ඔස්ට්‍රේලියානුවන් 03 දෙනෙකුගෙන් 02 දෙනෙකු ජීවිත කාලයේ කුමන හෝ අවස්ථාවකදී චර්ම රෝග පිළිකා අවධානමක පසුවන බවටයි හෙළිකරගෙන ඇත්තේ.
එය සෙසු රටවලට සාපේක්ෂව ඉහළම අගයක් වීමද විශේෂත්වයක්.

2017-18 කාලසීමාවේදී පිළිකා රෝග වැළඳුණු ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 31 ක් පමණ චර්ම පිළිකාවන්ට ගොදුරුවූවන් බවද තහවුරු කරගෙන තිබෙනවා.