
ආන්දෝලනාත්මක ParentsNext වැඩසටහන නතර කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.
එම වැඩසටහන සම්බන්ධයෙන් කාන්තාවන් රැසක් කර තිබූ පැමිණිලි සැළකිල්ලට ගෙන ලබන වසරේ ජූලි 01 වනදා සිට එය අත්හිටුවිමටයි ෆෙඩරල් රජය සැළසුම් කර ඇත්තේ.
වයස මාස 09 ත් අවුරුදු 06 ත් අතර දරුවන් සිටින, මාස 06 කට වැඩි කාලයක් රැකියාවක නිරත වී නොමැති දෙමව්පියන්ට දීමනාවක් ලබාදීම සඳහායි පැවති ලිබරල් සන්ධාන රජය විසින් 2018 වසරේදී මෙම ක්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ.

එහෙත් නිසි පරිදි නිර්ණායක සම්පූර්ණ නොවන්නේ නම් එම දීමනාව නොගෙවීම ඇතුලු චෝදනා රැසක්ද එල්ල වී තිබුණා.
මෙම වැඩසටහන සඳහා 98,000 ක් පමණ ලියාපදිංචි වී සිටි අතර ඉන් 95,000 ක් පමණ කාන්තාවන් බව සඳහන්.

ParentsNext වැඩසටහන නතර කර ඒ වෙනුවට වෙනත් සුදුසු වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටයි ලේබර් පක්ෂ රජය තීරණය කර ඇත්තේ.