03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද

03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් ඇතුලු රාජ්‍ය නායකයන් – විශේෂ ප්‍රභූන් ඇතුලු 2,000 කට ආසන්න පිරිසක් ඊට සහභාගීවීමට නියමිතයි.

තෝරාගනු ලැබූ ඔස්ට්‍රේලියානු පුරවැසියන් පිරිසක්ද චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවනු ඇති.

පසුගිය දිනවලදී අගමැති ඇන්තනී ඇල්බනීස්, චාර්ල්ස් රජු මෙන්ම ඔටුන්න හිමි විලියම් කුමරුන් සමගද සාකච්ඡා පවත්වනු ලැබුවා.

පහසු අවස්ථාවකදී ඔස්ට්‍රේලියාවේ සංචාර සඳහා පැමිණෙන ලෙසයි එහිදී ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියා – මහා බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම ලබන 31 වනදා සිට බලාත්මක වීමට නියමිතයි.

ඒ හරහා ඔස්ට්‍රේලියාවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග අතුරින් සියයට 99 ක් පමණ බදු රහිතව යැවීමට අවස්ථාව උදාවනවා.

දෙරටෙහි පුරවැසියන්ට අදාළ වන වීසා කොන්දේසි ලිහිල්වීමද ඊට අයත්.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »