ධනුෂ්කගේ නඩුව ගැන අද ලැබුණු තීරණය මෙන්න

සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදීයි විත්තිකාර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කරනු ලැබුවේ.

ඊට හේතු වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02 ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් කරුණු දැක්වීමත් සමගයි.

විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ.

නඩුව නැවත ලබන 18 වනදා විභාග කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නේ.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »