සුනඛ සපාකෑම්වලට එරෙහිව Australia Post සේවකයන් දැඩි තීන්දුවක

සිය තැපැල් බෙදුම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි Australia Post සේවකයන් ඉල්ලීමක් කරනවා.

ගතවූ මාස 09 ක තුළ අවස්ථා 1,885 කදී Australia Post සේවකයන් සුනඛ ප්‍රහාරයන්ට ලක්වීමයි ඊට හේතුව වන්නේ.

මින් අවස්ථා 650 ක් පමණ වාර්තා වී ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

ක්වීන්ස්ලන්ඩ් හිදී අවස්ථා 555 ක සහ බටහිර ඔස්ට්‍රේලියාවේ අවස්ථා 329 කදී සේවකයන් සුනඛ සපාකෑම් ඇතුලු ප්‍රහාරවලට ලක්වී තිබෙනවා.

වික්ටෝරියා සහ ටස්මේනියා හි අවස්ථා 218 ක් මෙන්ම Northern Territory සහ දකුණු ඔස්ට්‍රේලියාවේ අවස්ථා 133 ක් ද මීට අයත්.

නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයන් හැකිතාක් නිවෙස්වල පිටුපස රඳවා තබන ලෙසයි සේවකයන් ඉල්ලා සිටින්නේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »