ස්වදේශික ජනතා හඩ ගැන දැනුවත් කිරීමකට $ මිලියන 1.5 ක්

ස්වදේශික ජනතා හඩ ජනතා විචාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ඩොලර් මිලියන 1.5 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

යෝජිත සංශෝධන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ ඇතැමුන් සතුව පවතින වැරදි මත ඉවත් කිරීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.

සිවිල් සංවිධාන කිහිපයක් වෙත මෙම මුදල් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණය ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී පැවැත්වෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව වන ඇබොරිජින් ඇතුලු අනෙකුත් ප්‍රජාව සඳහා ස්ථිර පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම එහි ඇති ප්‍රධානතම ලක්ෂණයයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »