ෂේන් වොට්සන් ක්‍රිකට් දිවියට සමුදේ!(VIDEO)

ෂේන් වොට්සන් ක්‍රිකට් දිවියට සමුදේ!

Shane Watson retires from all forms of cricket!

ඕස්ට්‍රේලියානු ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කිංග්ස්  XI  පන්ජාබ් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලැබීමෙන් පසුව වොට්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

39 හැවිරිදි දකුණත් පිතිකරු වීඩියෝවක් මුදාහරිමින් කියා සිටින්නේ තමන් ගේ ක්‍රීඩා දිවියට සමුදීමට සුදුසු කාලය මේ වන විට එළඹ ඇති බවයි.

ලෝක කුසලාන දෙකක් සහ ICC චැම්පියන් කුසලාන දෙකක් ජයග්‍රහණය කළ අවස්ථාවන් වලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ෂේන් වොට්සන් එය තමන්ගේ ක්‍රීඩා දිවියේ සිහිනයක් බවද ඔහු කියා සිටියේය​.

(?Source: IPL/BCCI)

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »