
ශ්‍රී ලාංකීය ගමේ කෑම වේලක රස, මුහුදු හතක් එහා ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටක සිටින අපේම මිනිසුන්ට අමතක නොවෙන්නකි. ඒ වෙනුවෙන් අපේ රස රැගෙන එන සුබ පණිවිඩය පිළිබඳවයි ඔබට මේ ලිපිය දිග හැරෙන්නේ.
කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ වෙනුවෙන් Back to origins නිෂ්පාදන ඉදිරිපත් කෙරෙන අතර මෙම කුළුබඩු නිෂ්පාදන එක් කළ ආහාර වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් ඉතාම ගුණ දායකයි.
විදේශයක වාසය කළත්, ඔබට ශ්‍රී ලාංකීය ගමේ කෑම වේලක රස අමතක නොවන නිසාවෙන්ම මෙම නිෂ්පාදන පෙළ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරනු ලබයි.සියලු ස්වභාවික කුළුබඩු රසය එලෙසින්ම ආහාර වේල රස ගන්වන්නට Back to origins රැගෙන එන්නේ ඒ නිසාමයි.

ශ්‍රී ලාංකීය ආහාර පිසීම සංකීර්ණ ක්‍රියාවලියක් වන නමුත් එය සරල කරමින් ජීවන රටාවේ කාර්යබහුලත්වය හඳුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රායෝගික පහසුවක් ලෙස කුළුබඩු රැසක් ඔබ වෙනුවෙන් සකස් කර තිබීම මෙහි විශේෂත්වයක්.නියමිත ප්‍රමිතියෙන් නිෂ්චිත ඒකක අනුව සකසා Back to origins නිෂ්පාදන රැගෙන එනු ලබනවා.
මෙම නිෂ්පාදනවල මිරිස් සැර අවමයෙන්ම පවතින බැවින් දරුවන්ට සහ වැඩිහිටියන්ට වෙන වෙනම ආහාර සැකසීම වෙනුවට පවුලටම සරිලන ආහාර එකවර සකසා ගැනීමට හැකියාව පවතිනවා.Back to origins නිෂ්පාදන හරහා අතීත ගැමි රසය නැවත ආවර්ජනය වීම පමණක් නොව නියම ශ්‍රී ලාංකික කුළුබඩු රසය ලබා දෙනු ලබනවා.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශය හද්දා පිටිසර ගම්මානයක් පසුබිම් කරගනිමින්, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන එන සුවිශේෂී වට්ටෝරුවල ස්වභාවික රසයේ අභිමානය පෙරදැරිව වෙල් යායත්, සුන්දර මුහුදු සීමාවත් පෙනෙන මානයේ පිරිසිදු ස්වභාව සෞන්දර්‍යය සමඟ සාඩම්බරයෙන් Back to origins නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන්නේ එවන් සෞන්දර්යාත්මක වපරිසරියක පිහිටි (Ravana Garden – Sustainable Luxury Boutique Hotel) මගිනි.
ඈත පිටිසර ගම්මානයේ අපේ මිනිසුන්ගේ ශ්‍රමයෙන් සහ ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රමවේද සමග, දේශීය රස අමතක නොකරමින් රම්පෙ කරපිංචා රස පවා මෙම කුළුබඩු නිෂ්පාදනවලට එක් කරන්නේ ලොවටම කියාපාන ශ්‍රී ලාංකික කුළුබඩු රසයේ රසවත් මතක එක් කිරීමටයි.
Gluten රහිත මෙම නිෂ්පාදන, ඉවුම් පිහිම් සරල කරමින් කුළු බඩු එකට එක් කළ Back to origins රස විඳීමට ඔබ කල යුත්තේ ආහාර වේලට Back to origins පැකට්ටුව විවෘත කර එක් කිරීම පමණයි.
ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් කිසිදු කෘත්‍රීම රසකාරකයක් නොමැතිව සකස් කෙරෙන Back to origins සඳහා ජාත්‍යන්තරව පිලිගත් පහත තත්ත්ව සහතිකද හිමිවී තිබෙනවා.
ඒ අනුව,
360 Degree Sustainability, Netherlands
PLANT BASED, USA
ISO 22000 : 2018
HACCP
GOOD MANUFACTURING PRACTICE
Spice blends – Certified Gluten free
Made with Natural ingredients Certified by Control Union
No artificial flavours/preservatives Certified by Control Union
යන ජාත්‍යන්තර සහතිකවලින් පිදුම් ලැබූ Back to origins කුළුබඩු නිෂ්පාදන අපේකම කියපාන රස මතක ඔබට ලබා දෙනු ඇත.