
ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කරන ලද LG Smart TV මාදිලි ගණනාවක් ආරක්ෂක හේතු මත ආපසු කැඳවා තිබෙනවා.
2016 වසරේ පෙබරවාරි සිට 2019 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ Harvey Norman, The Good Guys, JB Hi-Fi, Bing Lee, Betta & NARTA යන අලෙවිසැල් හරහා අලෙවි කරන ලද රූපවාහිනි රැසක් ඊට අයත්.
මෙම ඇතැම් රූපවාහිනීවල විද්‍යුත් පරිපථවල දෝෂයක් හසුවේ ගිනි ගැනීම් පවා සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

පහත මාදිලිවල රූපවාහිනී දැනටමත් භාවිත කරන කිසිවෙකු හෝ වෙතොත් වහා LG Electronics Australia අමතන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
ඇතැම්විට එම රූපවාහනියේ දෝශය නිරාකරණයට හෝ නව රූපවාහිනියක් ලබාගැනීමට එහිදී අවස්ථාව පවතිනු ඇති.

- 2016: 65E6, 65G6, 77G6
- 2017: 65B7, 65C7, 65E7, 65G7 , 65W7, 77W7
- 2018: 65W8, 77C8, 77W8,
- 2019: 65W9, 77C9, 77W9