
වසරක් තුළ අවස්ථා 11 කදී පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ෆෙඩරල් සංචිත බැංකුවට දෝෂාරෝපණ එල්ල කරනවා.
මෙමගින් ඔස්ට්‍රේලියානු පවුල්වලට දැඩි ප්‍රහාරයක් එල්ලවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සංචිත බැංකුවේ තීරණ හමුවේ ආර්ථික ප්‍රශ්න විසඳීම නොව තවත් ඉහළයන බවයි ඩැනියල් ඇන්ඩෲස්ගේ ස්ථාවරය වී ඇත්තේ.

cash rate අගය සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ තීරණය කල අතර ඒ අනුව දැනට එය පවතින්නේ සියයට 3.85 ක් ලෙසයි.
මේ අතර NAB බැංකුව අද නිවේදනය කලේ ලබන 12 වනදා සිට සිය නිවාස පොළී අනුපාතිකය සියයට 0.25 කින් ඉහළ දමන බවයි.
