එක් වරකදී අලෙවි කල හැකි පැරසිටමෝල් පෙති ප්‍රමාණය අඩු කිරීමේ යෝජනාවට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය හෙවත් TGA විසින් අවසන් අනුමැතිය දී තිබෙනවා.
පැරසිටමෝල් අධි මාත්‍රා ලබාගෙන රෝහල්ගතවන සහ මියයන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අනුව සුපිරි වෙළඳසැල් සහ හරහා එක් අවස්ථාවකදී එක් පුද්ගලයෙකුට අලෙවි කල හැකි පැරසිටමෝල් පෙති සංඛ්‍යාව 16 කට අඩු කර තිබෙනවා.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඔසුසැල් සහ ෆාමසි හරහා දැනට අලෙවි කල හැකි උපරිම පැරසිටමෝල් පෙති සංඛ්‍යාව 100 ක් වන අතර එය 50 දක්වා හරි අඩකින් අඩු කර තිබීම විශේෂත්වයක්.
කෙසේවෙතත් මෙම නව නීති බලාත්මක වනුයේ 2025 වසරේ පෙබරවාරි පළමුවනදා සිටයි.
එක් වසරකදී පැරසිටමෝල් අධි මාත්‍රා ලබාගෙන මියයන ඔස්ට්‍රේලියා නුවන් සංඛ්‍යාව 50 ක් බවද රෝහල්ගතවන සංඛ්‍යාව 250 කට අධික බවද සඳහන්.
මේ අතර නිවසේදී අනවශ්‍ය ලෙස පැරසිටමෝල් එක් රැස් කර තබා ගැනීමෙන් වළකින්නැයිද TGA විසින් ජනතාවට දන්වා සිටිනවා.