
දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගරයක සිදුවීමකදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව සිවිල් වැසියෙකු වෙඩි පහරකින් මියගොස් තිබෙනවා.
ඇඩිලේඩ් නගරයට කිලෝමීටර් 200 ක් පමණ උතුරින් පිහිටි ක්‍රිස්ටල් බෲක් ප්‍රදේශයේදීයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.
තුවාලකරුවන් රැගෙන ඒමට වෛද්‍ය ආධාර රැගත් හෙලිකොප්ටරයක්ද පිටත්ව ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් නිළධාරීන්ට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධ සවිස්තර තොරතුරු තවමත් ලැබෙමින් පවතින බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.
