ලබන සතියේ අයවැයෙන් child care ගාස්තු තවත් පහළට

ඉදිරි වසර 04 සඳහා child care ගාස්තු තවත් අඩු කිරීමට ලබන සතියට යෙදී ඇති අයවැය ලේඛනය හරහා ඩොලර් බිලියන 55.31 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මෙම වසරේ ජූලි මාසයේ සිටම එම සහන ලබාදීමට නියමිත අතර පවුල් මිලියනයකට පමණ එම වරප්‍රසාදය අත්වනු ඇති බව සඳහන්.

ඉන් පවුල් ලක්ෂ 04 ක් පමණ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර – වික්ටෝරියා හි පවුල් 302,100 ක් සහ ක්වීන්ස්ලන්ඩ් හි පවුල් 284,100 ක් පමණද ඊට යටත්වනු ඇති.

පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමිනුයි මෙලෙස child care ගාස්තු තවත් අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර වසර 05 කදී පූර්ව ළමාවිය සංවර්ධන උපදේශකයන් 80,000 ක් පුහුණු කිරීම සඳහා ඩොලර් මිලියන 72.4 ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමටද නියමිතයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »