Search

අගමැති චාර්ල්ස් රජු හමුවෙයි – ඔස්ට්‍රේලියාවට එන්නැයි ආරාධනා

රාජාභිෂේකයට පෙර චාර්ල්ස් රජු හමුවූ පළමු රාජ්‍ය නායකයන් පිරිස අතරට අගමැති ඇන්තනී ඇල්බනීස්ද අයත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මහා බ්‍රිතාන්‍යයට පැමිණි අගමැතිවරයා සහ චාර්ල්ස් රජු අතර නිල හමුවක් පැවති බවයි බකිංහැම් මාළිගය නිවේදනය කලේ.

පහසු අවස්ථාවකදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස අගමැතිවරයා විසින් මෙහිදී චාර්ල්ස් රජුට සහ කැමිලා රැජිණට ආරාධනා කර තිබෙනවා.

ලබන සෙනසුරාදා පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයේදී රජුට පක්ෂපාතීත්වය දැක්වීමේ දිවුරුම්දීමට තමන්ද සහභාගීවන බව අගමැති ඇල්බනීස් නිල වශයෙන් දන්වා තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන රාජ්‍ය නායකයෙකු ඔස්ට්‍රේලියාවට සිටිය යුතු බවයි මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කලේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් සමග ආරාධනා ලත් තවත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්ද ලබන සෙනසුරාදා පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීමට නියමිතයි.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »