
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රාථමික පාසල්වල තාවකාලික ගුරුවරුන් 1,400 ක් පමණ 03 වන වාරය අවසානය වනවිට ස්ථිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම තීරණය ක්‍රියාවට නැංවෙනු ඇති.
මේ දැනට තාවකාලික පදනමින් සිටින වහා ස්ථිර කල යුතු ප්‍රමුඛතා ගුරුවරුන් නම් කර එවන්නැයි නිවු සවුත් වේල්ස් පාසල් 250 ක විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

එකම පාසලෙහි අවම වශයෙන් වසර 03 ක් හෝ තාවකාලික පදනමින් සේවය කර ඇති ගුරුවරුන්ට මෙම අවස්ථාව උදාවනවා.
ප්‍රාන්ත මැතිවරණය ජයගතහොත් තාවකාලික ගුරුවරුන් 10,000 ක් ස්ථිර කරන බවට ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවකට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන්නේ.
