අද සිට වික්ටෝරියා කාළගුණයේ වෙනසක්

2006 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ වැඩිම වර්ෂාපතනයක් සටහන් වූ අප්‍රේල් මාසය මෙම වසරේදී සටහන් වී තිබෙනවා.

පසුගිය මාසයේදී සමස්ත රටෙහි සාමාන්‍ය වර්ෂාපතනය ලෙස මිලිමීටර් 41.4 ක් සටහන්වී ඇති බවයි කාළගුණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

එය සාමාන්‍ය අප්‍රේල් මාසයකදී ලැබෙන වර්ෂාපතනය හා සැළකීමේදී මිලිමීටර් 11 ක පමණ ඉහළයාමක් වනවා.

බටහිර ඔස්ට්‍රේලියා- දකුණු ඔස්ට්‍රේලියා සහ Northern Territory ප්‍රාන්තවලට ඇද හැලුණු වර්ෂාපතන මීට බලපා ඇති බව සඳහන්.

මේ අතර 2015 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ සිසිල්ම අප්‍රේල් මාසයද මෙවර වාර්තා වී තිබෙනවා.

මේ අතර අද සිට ඉදිරි දින කිහිපයේදී වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවලට තරමක දැඩි සුළං තත්වයක් හටගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »