ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදමට සහන පැකේජයක්

ලබන 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැය ලේඛණය හරහා ජීවන වියදමට සහන පැකේජයක් හඳුන්වාදෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා..

Single parent සහ Jobseeker දීමනා ඉහළ නැංවීම / ඖෂධ මිළ අඩු කිරීම සහ අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන සහන ඒ අතර වන බවයි ඔහු සඳහන් කලේ.

බලශක්ති ගාස්තු සඳහා සහන ලබාදෙන යෝජනා කිහිපයක් ද මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවට වාර්තා පළවනවා.

ලබන අගහරුවාදාට යෙදී ඇති අයවැයේදී Superannauation ශේෂය ඩොලර් මිලියන 03 ට වැඩි අයගෙන් අය කෙරෙන බදු මුදල සියයට 30 දක්වා ඉහළ නැංවීම ඇතුලු බදු කිහිපයක් පැණවීමටද නියමිතයි.

කෙසේවෙතත් ඇතැම් බදු බලාත්මක වීම තවත් වසර කිහිපයකට පසුව සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »